Kale Online POS පිළිබඳ නිතර අසන ප්‍රශ්න


Kale Online POS මගේ ව්‍යාපාරය සුදුසු ද?

Kale Online POS බොහෝ ව්‍යාපාර සඳහා යෝග්‍ය වේ. එය ඔබේ කර්මාන්තය සඳහා අවශ්‍ය ආකාරයට සකස් කළ හැකිය.

ඔබේ පරිගණකයේ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වීමට සහ විශේෂිත POS දෘඩාංගවල වැඩ කිරීමට Kale Online POS නිර්මාණය කර ඇත.


Kale Online POS සමඟ සහය දක්වන දෘඩාංග මොනවාද?

Kale Online POS යනු වෙබ් යෙදුමකි. ඕනෑම මෙහෙයුම් පද්ධතියක් (වින්ඩෝස්, මැක් සහ ලිනක්ස්) සහ අන්තර්ජාල බ්‍රව්සරයක් ඔබට භාවිතා කළ හැකි.


පරිශීලකයන් කීදෙනෙකුට Kale Online POS එක්වර භාවිතා කර හැකිද?

Kale Online POS සහය දක්වන්නේ එක් පරිශීලකයෙකුට පමණි. Kale Online POS PRO පරිශීලක ගිණුම් 3 ක් දක්වා සහය දක්වයි. ප්‍රධාන පරිශීලකයාට පූර්ණ ප්‍රවේශ අයිතිය ඇත.

සීමිත විශේෂාංග සහිතව තවත් පරිශීලක ගිණුම් දෙකක් සෑදිය හැකිය.


මට Kale POS, Kale Online POS සමඟ ඒකාබද්ධ කළ හැකිද?

බොහෝ ව්‍යාපාර තම ව්‍යාපාරය සම්පුර්ණයෙන් කළමනාකරණය කිරීම සඳහා Kale POS සහ Kale Mobile POS සමඟ Kale Online POS භාවිතා කරයි. අපගේ සියලූම නිෂ්පාදන භාවිතා කරමින් ඔබේ සියලූම ව්‍යාපාර දත්ත ඒකාබද්ධ කර භාවිතා කළ හැකිය.


ඔබ මගේ දත්ත යාවත්කාලීන කරනවාද?

අපි ඔබේ දත්ත නිතිපතා යාවත්කාලීන කරන අතර එය අපගේ දත්ත මධ්‍යස්ථානයේ ආරක්ෂිතව ගබඩා වේ. ඔබට Kale Online POS වෙතින් දත්ත ඔබගේ දෘඩ තැටියේ හෝ USB ධාවකයේ සුරැකිය හැක.


මගේ ගිණුම්කරණ යෙදුමට Kale Online POS වෙතින් දත්ත යැවීම කළ හැකිද?

ඔබට විකුණුම්, වියදම්, අයිතම සහ වෙනත් දත්ත Excel ගොනුවක් ලෙස සකසා ඔබගේ ගිණුම්කරණ යෙදුමට යැවීම කළ හැකිය. Kale Online POS වෙතින් Quikbooks සහ ටැලි ගිණුම්කරණ පද්ධති වෙත දත්ත ස්වයංක්‍රීයව යැවීමට Kale Quickbooks Connect සහ Kale Tally Connect සේවා තිබේ.


මට Kale Online POS සමඟ මිලදී ගැනීම කළමනාකරණය කළ හැකිද?

Kale Online POS මගින් සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනුම් කළමනාකරණය කිරීමට සහ සැපයුම්කරුවන්ට ගෙවීම් නිරීක්ෂණය කිරීමට ඔබට සහය වේ.


මගේ ජංගම දුරකථනයෙන් Kale Online POS භාවිතා කළ හැකිද?

ඔව්, ඔබට එය ඔබගේ ජංගම දුරකථනයෙන් භාවිතා කළ හැකිය. ඔබට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් තිබේ නම් එයට Kale Mobile POS යෙදුම භාගත කොට භාවිතා කළ හැකිය.


Kale Online POS සමඟ තොග ගණනය කරන්නේ කෙසේද?

ඔබ මුලින්ම Kale Online POS භාවිතා කරන විට, ඔබට Excel හි ඇති ඔබේ තොගයේ තොරතුරු රැගෙන Kale Online POS වෙත යැවිය හැකිය. අපගේ එකතු අයිතම අංගය භාවිතා කර ඔබට තනි තනිව අයිතම එකතු කළ හැකිය.

දිනපතා තොග ගණනය කිරිමට ඔබේ දුරකථනයේ කේල් ස්ටොක් (Kale Stock) ඇප් මෘදුකංගය භාවිතා කළ හැකිය. තොග ගණනය කිරිමේ කාර්යය වේගවත් කිරීම සඳහා ඔබට දුරකථන කිහිපයක් භාවිතා කළ හැකිය.


මට මගේ සම්බන්ධතාවය අවලංගු කර මගේ දත්ත ලබා ගත හැකිද?

ඔබට ඕනෑම වේලාවක ඔබගේ සම්බන්ධතාවය අවලංගු කළ හැකිය. ඔබ සම්බන්ධතාවය අවලංගු කළ විට ඔබේ දත්ත නැවත ලබා ගත හැකිය.